Cherreads

සිව්මංසල

Loveinsouls
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
445
Views
VIEW MORE

Chapter 1 - chapter 1

වසර දහතුනකට පෙර,

"ඔය බිත්තරේ තනියෙන් ගිලින්න එපා බල්ලො තියපිය අපිටත්..."

"අයියෝ තොපි කනවද නානවද කන්න දීපංකො මගුල...."

Lunch break එකේදි මෙහෙම සද්ද ඇහුන්නැත්නම් ඒ අපි වෙන්න බෑ. විනෝද්ගෙ අම්මගෙ කෙසෙල් කොලේ බත් එක හැමදාම වරදින්නෑ. ආන්ටි තඩි බත් එකක් බැදලා එවනවා ඇයි ඉතින් කන්න බැරි පුත්‍රයො නෙමෙයිනෙ ඉන්නෙ. කාක්කො රැල වගේ වටෙ ඉදන් ගිලින එක තමා කරන්නෙ. 

"ඒ විසල් යමුද.... 1ට රෝසිගෙ ලෙක්චර් එක. පරක්කු වෙන්න බෑ බං යමං"

"හ්ම් යමං යමං...හයියෝ මට නම් බෑ බං විනෝද් ඔය මගුලට යන්න"

රෝසිගෙ business logistics ලෙක්චර් එක, මට පේන්නම බැරි මගුලක්. රෝසි කියෝනවා අපි නිදි කිරනවා. ඕක තමා හැමදාම වෙන්නෙ. පරක්කු වුනොත් ගෑනි පරල වෙනවා.ඔක්කොටම හපන් ගෑනි හිටු කියලා ලකුණු කපන්නෙ. Private Campus කියලා නෑ පුතා fail කරනවා ආයෙ වැලේ වැල් නැති වෙන්න.

"ඕයි ඩේන් වරෙන් යන්න. ඇති දැන් මල් කැඩුවා වර යන්න"

මුටත් මලක් කඩන්න ගියොත් නියපොතු හප හප මුකුළු කරනවා ඇරෙන්න වෙලාවක් කලාවක් ගැන වගේ වගක් නෑ.

"ඒ අර පෝලිමක් එන්නෙ first year ඇච්චො බැච්චොද ඈ??"

"ආ නංගේ කෝමතේ....."

"ඕයි ඕයි මෙහෙ වරෙන් බල්ලො තොටත් දිග කෙස් ගහක් පේන්න බෑ...පැණියා"

ගවින් හෙවත් පැණියා, මුට ගෑනු පේන්න බෑ පැණි හලනවා එව්ව් පිස්සා

දුකට සැපට සනී කියලා මට ඉන්නෙ මුං ටික තමයි. මුනුත් හරි පණත් හරි.

"ආ මේ විසල් උඹලා LC building එක පැත්තටද යන්නෙ"

"නෑ අපි H එකට යන්නෙ"

" LC එක පාස් කරන් නේ යන්නෙ. අනේ බං මෙන්න මේ සෙට් එකව එක්ක පලයන්කො මෙඩ්ඩො සෙට් එකක්. මට වෙලා නෑ බං lab එකට දුවන්න ඕනෙ ඒකයි. 

"ආ හරි හරි ඔයාලා එන්නකො අපිත් එක්ක"

මුංටික බයේද මන්දා බිම බලන් එන්නෙ ආසාවට ඔලුව උස්සන්නෑ. 

"ඒයි..ඔය සුදු එකා ඔහොම නවතිනවා!!"

"කෝ බලන්න සුදු මූනයි හුරතලයයි. උඹ චීස් කෑල්ලක් වගේනෙ බං. මටම හරිනවා ම්ම්ම්...."

"ඕයි ටෙවෝන් ඔය පොඩි වුන්ට ඉන්න දීලා සක්කිලියෙක් වගේ හැසිරෙන්නැතුව මෙතනින් පලයන්!!!"

"ඇයි මේක තොගෙ අප්පගෙ බූදලේද!!!!"

"අප්පගෙ නෙමෙයි සීයගෙ අනෙ මේ පලයන් යන්න මගෙ මරුවා ආවේස නොකර!!!!"

"ඇයි තෝ මට මොනව කරන්නද හුත්තෝ!!!!"

"ඒයි ඒයි මෙහාට වරෙන් බං අර ලමයත් බය වෙලා. උඹ මූ එක්ක කෙලගන්න යන්න එපා මෙතන යමං"

"මං බලාගන්නන් විසල් තෝ ගැන!!!!"

"මොනා බලන්නද යකෝ!!!!"

"යමං බං කටු කන බල්ලො එක අපිට කතා ඕන්නෑ"

ඕකා ඔය දැන් අකුලන් ගියාට කොයිවෙලේ හරි ගේම ඉල්ලයි. තාත්තගෙ සල්ලි බලෙන් රගන ඕකා මහ සතෙක්. Uni එකට ලස්සනට පෙනුමට ඉන්න කොල්ලෙක් ආවොත් සෙවල පෙරන එක තමයි උගෙ රාජකාරිය. උගෙ සල්ලිවලට පෙරේතකමේ ඌ එක්ක නිදිවදින උනුත් ඉන්නවනෙ මේකෙ. තව ඕකගෙ තර්ජන වලට බයේ ඌට යට වෙලා ජීවිතේ විනාස කරගත්ත කොල්ලොත් නැතුව නෙමෙයි. හැබැයි උන් කටක් හොල්ලන්න බයයි.කොහොමත් ටෙවොන් උන්ව බය කරන් ඉන්නෙ. ඒකටම හරියන අපතයො සෙට් එකකුත් ඌට වැදගෙන ඉන්නවනෙ. කාලකන්නි!!

"මල්ලි ඔයාට අවුලක් නෑනෙ??"

"න්..න්..නෑ..."

" විසලයා පොඩ්ඩක් බලපන්....අපි අනිත් අයව එක්ක යන්නම්. අපි රෝසිට කියන්නම් උඹ පරක්කු වෙනවා කියලා"

ඇස්වලින් කදුළු බේරෙනවා. උගුලට අහුවුන හා පැටියෙක් වෙව්ල වෙව්ල ඉද්දි නම් සිරාවටම දුක හිතුනා. වැඩිය තැලිච්ච පොඩිවෙච්ච නැති එක්කෙනෙක් වගේ.මං දැන් කොහොමද මේකව නලවන්නෙ ඈහ්

"මේ එන්නකො යං අරහෙට යමුකො..."

"බ්...බෑ...ම්....මන්....ය්....යන්නම්කො...හ්ක්..."

අයියෝ ඉතින් අඩනවනෙ. ඉකි ගගහ අඩනව යකෝ මං මොකද දැන් කරන්නෙ

"හරි අපි අර පැත්තට යමුකො ම්ම්....එන්නකො හොද ලමයනෙ....නැත්නම් මේ බලන් ඉන්න අය හිනාවෙයි. ඔක්කොටම හපන්‍ මට අල්ලන් ගහයි අහිංසක ලමයෙක්ව ඇඩෙව්වා කියලා... යන්කො අපි...කෝ එන්න.."

"ම්...මට බයයි"

අයියෝ බය වෙන්න එපා...කෝ එන්නකො මගෙ අතින් අල්ලගන්න... යමු අපි එන්න...

කොල්ලා වෙව්ල වෙව්ලම මගේ අතින් අල්ලගත්තා. ඒ අත් සීතලම සීතල වෙලා පව් හොදටම බය වෙලා ඉන්නෙ. මං එයාවත් අරගෙන එලියෙ වැඩිය කවුරුත් රැදෙන්නැති නුග ගහ ලගට එක්කන් ආවා.

"දැන් ඇඩුවා ඇති නේද ම්ම්...ඔහොම ඉකි ගගහ අඩන්න එපා දරුවො ඔයාට හුස්ම ගන්නත් අමාරු වෙයි..."

යකෝ මෙඩිසින් නේද කරන්නෙ. රණ්ඩුවක් දැකලා මෙහෙම අඩනවනම් මිනියක් එහෙම කපද්දි මෙයා සිහිය නැතුව වැටෙයි නෙ. යසයි අනාගත දොස්තර මහත්තයා ඔහොම නම් බෑ.

"අහන්නකො අඩන්න එපා දැන්. ඌට පිස්සු. ගන්න ගන්න එපා ඒකා කියන ඒවා. ආයෙ කතාවට ආවොත් මග ඇරලා යන්න තේරුනාද.... කෝ මූන පිහදගන්නකො දැන්...."

ඒ අඩපු ටිකට එයාගෙ කම්මුල් දෙක රතු පාට වෙලා. එයා ගොඩක් සුදුයි. ඒක නිසා රතු වුනා පේනවා වැඩියි. කම්මුල් දෙක නිකන් අර ස්ට්‍රෝබෙරි සෝස් එකක ඩිප් කරපු මාශ්මෙලෝ එකක් වගේ. කන්න පුලුවන්ද දන්නෑ. අහ්ම් නෑ මං මේ නිකන් ඇහුවෙ.

"කෝ ඔය කදුළු පිහදගන්නකො ඉතින්..."

මෙන්න ඒ පාර බෑලු. පොඩි එකා වගේ ඔලුව දෙපැත්තට වනනවා. යකෝ දැන් එතකොට මන්ද ඒකත් කරන්න ඕනෙ.කවදා කාපු කටුද යකෝ මේ. රෝසිගෙ lecture එකට ගිහින් ඉස්සරහම පේලියෙ වාඩි වෙනවා මීට සැපයි. බිස්නස් ඉගෙනගැනිල්ල පැත්තක දාලා උඹ ඩේ කෙයාර් එකක් දාගනින් විසල්. ලැජ්ජයි යකෝ...

මං හෙමීට ඒ කම්මුල් දෙකේ තිබ්බ කදුළු පිහිදුවා. හයියෙන් අල්ලන්නවත් හිතෙන්නෑ ඒවා ඒතරම් සිනිදුයි. මං කදුළු පිහද්දි මෙන්න බොලේ කොල්ලා මගේ මූන දිහා බලන් ඉන්නවා ඇස් දෙකත් බෝල කරන්.පොඩි ලමයෙක් වගේ අප්පා හුරතලේ මුළු මූනෙම. වයස කීයද දන්නෑ හුරතලේගෙ.

"අද මං ඉස්සරහ ඇඩුවට අනිත් දවසෙ ඔහොම දෙයක් වුනාම අනිත් අය ඉස්සරහ අඩන්න එපා. එතකොට එයාලා ඔයාව තව රිද්දනවා. මං කියන්නෑ අඩන එක වැරදී කියලා. පිරිමි අපිට අඩන්න බෑ කියලා කොහෙවත් ලියලා නෑනෙ. හැබැයි ඔයාව රිද්දන අය ඉස්සරහ අඩන්න එපා.එතකොට එයාලා ඔයාගෙ කදුළු ආයුධයක් කරන් ඔයාව තව දුර්වල කරනවා. බයක් නොපෙන්නා කාගෙන හිත හයිය කරන් ඉන්න ඕනෙ තේරුනාද....මං දන්නෑ ඔයා කොහොම background එකක් තියෙන කෙනෙක්ද කියන්න. හැබැයි මේක ඇතුලෙදි එක එකාට ඔලුවට අත හෝදන්න දිලා බලන් ඉන්න බෑ. ටිකක් තදට ඉන්න. එහෙම නැතුව මේකෙ ඉන්න බෑ තේරුනාද...."

ඒපාර ඔලුව වනනවා.යකාගෙ හුරතලයක්නෙ මේක.කවදහරි දොස්තර මහත්තයා මෙහෙම ලෙඩ්ඩුත් හුරතල් කරයිද දන්නෑ. 

"දැන් යමුද...පලවෙනි දවසෙම lecture එකට පරක්කු වෙන්න බෑනෙ දැන් යමු"

ඒපාර නැගිටලා තොලත් උල් කරන් බෑග් එකත් කරේ දාන් බිම බලාගෙන එනවා. මොනාද දන්නෑ ඔච්චර බිම බලන්න තියන්නෙ.ඒ අස්සෙ අර පොඩි ලමයින්ගෙ සුවදක් එන්නෙ මෙයා ලගින්. බේබි කොලෝන් ගාලා නෙමෙයි නාලද කොහෙද. මගේ සැර perfume සුවද කපන් යනවා ඒ කොලෝන් සුවද. සිරාවටම මේකා හෙන හුරතල් ඒ වගේම අහිංසකයි. ටෙවොනයගෙන් මෙයාව බේරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා බුදු ශුවර්. ඌ කීයටවත් මෙයාව අතඅරින්නෑ. 

"මේ තියෙන්නෙ LC building එක.ඔයාගෙ lecture hall එක මොකද්ද?"

"3.105..."

යකෝ කනට ඇහෙන්නෑනෙ කතා කරද්දි. මේකා සිරාවටම විස්සවිද්‍යාල සිස්සයෙක්ද හෑ.මොන්ටිසෝරි බබෙක් වගේනෙ අප්පා. මං කෝකටත් පොඩි එකාව hall එකටම එක්ක ආවා. නැත්නම් ඊට පස්සෙ මේකා අතරමං වුනොත් ගිනිවිජ්ජුම්බරයයි. 

"ආ හරි මේ තියෙන්නෙ... දැන් යන්න ඇතුලට ම්ම්...."

ඔන්න ඔළුව වනලා කොල්ලා ඇතුලට ගියා. හරි විසල් baby sitting ඉවරයි දැන් යමු.

"අයියෙ...."

ඇතුලට ගියපු එක්කෙනා මෙන්න දොරෙන් එලියට ඔලුව දාලා අයියෙ කියද්දි මං ආයෙම හැරිලා බැලුවා. ලස්සන කටහඩ හැබැයි මොනා වුනත්. 

"Thank you...."

හා පැටියෙක් වගේ එහෙම කියලා ආයෙම ඇතලට රිංගගත්තා. මහ කෝලමක් මේක නම්.

"Excuse me mam"

"Oh come in come in visal. Your friends told me that you went to meet the VC"

ඈහ් මං ගියෙ කවද්ද VC ව හම්බෙන්න. ශේප් එකේඅපේ සෙට් එක දිහා බලද්දි විනෝද් ඇහැක් ගැහුවා. ආආආ මුං ටික තෙපරයක් ඇද බාලා. ඔව් හැබැයි අඩන බබෙක් නලවන්න ගියා කියල රෝසිට කිව්වොත් මාව පට්ට ගහලා හැට්ට මහයි. 

"Ah yh yh mam.."

ශේප් එකේ මාරුවෙලා මං අපේ සෙට් එක ඉන්න තැනට ඇවිත් වාඩිවුනා.නිදි කිරන්න තමා තියෙන්නෙ දැන්. 

"Ok guys let's call it a day. Make sure you submit your assignment on time. Otherwise don't come to me and cry about marks."

යැයි යැයි තමයි. වෙලාවට submit කරා කියලා ලකුණු දෙන එක්කෙනානෙ. අනේ යන්න රෝසි යන්න.

"මහන්සියි බං. මේ මගුල අහන් ඉදලා නිදිත්මතයි.යමං යමං"

අපි පහලට ඇවිත් car park එක පැත්තට ඇවිදන් යද්දි මෙන්න අඩන බබා ඉන්නවා යාළුවො ටිකක් එක්ක කියෝ කියෝ. කිචි කිචි ගගා හිනා වෙවී. ඇස්වලිනුත් හිනාවෙනවා.මහ කෝලමක්නෙ මේක. 

කෝමහරි කොල්ලා ඔලුව උස්සද්දි මාව දැකලා හිනාවුනා.ටසිරි යකෝ අඩන බබා හිනාවෙන්නත් දන්නවා නෙහ්. මොනා වුනත් පට්ට කියුට් හිනාවක් ඈ. මූ හැමෝම එක්ක ඔහොම විරිත්තනවද දන්නැ. අහ්ම් නෑ මං කියන්නෙ ඕනෙ නෑනෙ එහෙම.

"ඕයි කොහෙද බං යන්නෙ. තව පොඩ්ඩෙන් මූනත් තහඩුව තාප්පෙ වදින්නෙ"

සැක් විතරක් හා පැටියෙක් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ලස්සන මූනට කෙලවෙන්නෙ.උඹ මොකටද විසල් එක එක්කෙනා දිහා බලන්න යන්නෙ පාර බලන් යන්නැතුව. 

වාහනේ පාරට දැම්මත් හරි හෙන ගහන්නා වගේ ට්‍රැෆික්.ඒ අස්සෙ වැස්සකුත් පටන් ගත්තා. වැස්සෙ ට්‍රැෆික් එකේ සිංදුවක අහන් ඉන්නවා කියන්නෙ මං ආසම වැඩක්.

හංගා ගෙනා මල් අතුරලා

දෙව්ලිය මගේ කොහෙද හැංගිලා 

ඔය දෙකොපුල් තෙමා රන් නාදළු සිඹිම්

මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්.....

ඇයි කියන්න දන්නෙ නෑ සිංදුව ඇහෙද්දිම මට මතක් වුනේ අඩන බබාගෙ අහිංසක මූන.....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ළමයි මං මේ university විස්තර එතකොට degree විස්තර දාන ඒවා ගැන ඒ තරම් හිතන්න එපා හරිද..සමහරවිට ඒවා වැරදි වෙන්නත් පුළුවන්. මම ලංකාවෙ universities ගැන ඇත්තටම වැඩිය දන්නෙ නෑ.අනිත් එක මං business degree ගැන ඇත්තටම දන්නෙ නෑ. මේක දැම්මෙත් මගේ university එකේ ඒ degree එකට තියෙන විස්තර බලලා. 

ඒක නිසා ඒක ගැන වැඩිය හිතන්න එපා හරිද....

තරුව ඔබලා ඔයාලට අද චැපිය දැනුන විදිය කොටන් යන්න අමතක කරන්න එපා.....

නැවත එනතුරු,

Loveinsouls